දින 50 නේවාසික කඳවුර – Britishway English Academy

දින 50 නේවාසික කඳවුර

November 6, 2019

ඔබව ඉංග්‍රීසි භෂාව මැනවින් කථා කරන්නෙකු බවට සහතික කෙරෙන අතර, ඔබගේ ජීවිතය සැබෑම වෙනස් කිරීමකට ලක් කරන පාඨමාලාවකි. උදෑසන අවදි වී, රාත්‍රියේ නිදාගත් ඇද සකස් කර,දවස අරඹන තැන සිට ජීවිතය සැලසුම් කරන පෞර්ෂය වර්ධනය කරගන්නා ක්‍රියාදාමයන් මෙන්ම, කන-බොන, අදින-පළදින අයුරු, මනා විනයකින් හෙබිව සමාජ ගතවී ජිවත්වන හැටි කියාදෙන පාඨමාලාවකි. (වචන වලට සිමා නොවී සැබවින්ම සිදු කරනු ලැබේ.)

තවද පාඨමාලාව අවසානයේ කොළොඹ තරු පහේ හෝටලයකදී හැදි ගෑරුප්පු භාවිතය පිලිබද පවත්වනු ලබන වැඩමුළුව සහ සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් අත්විදීමේ අවස්ථාව මෙන්ම,(ඔබගේ කැමැත්ත පරිදි )යුධ හමුදා විශේෂ පුහුණු කදවුරක නායකත්ව පුහුණුව පිලිබදව දින 04 ක වැඩමුළුවක් ද ඇතුලත්ව ඉංග්‍රීසි කථා කරන සමාජයකට අවශ්‍ය සියලු උසස් ගුණාංගයන් ගෙන් සපිරි පුද්ගලයෙකු බවට පත් කරනු ලැබේ.